පර්යේෂණ ලිපි

ජ්‍යෝතිෂ නොදත්  ඔබ සැමට ගැලපෙන නැකතක් හදන්න 
     ජ්‍යෝතිෂය දන්නා නොදන්නා සැමගේ බලාපොරොත්තුව තමන්ගේ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක ඉටුකරගැනිම.ගෙයක් දොරක් සාදාගැනීම,එහි ගෙවදීම,මගුල් තුලා කටයුතු සිදුකිරිම,ගමන්බිමන් යැම ආදී හැමදේම කරන්නේ  සුබ  නැකත් අනුවය.ජ්‍යෝතිෂය  විශ්වාස නොකරන එයනොදන්න අය අප මෙහිදී අමතක කරමු.
     සාමාන්‍යායෙන්  නැකත යනුවෙන් අදහස් කරන්නේ සඳු හෙවත් චන්ද්‍රයා තමාගේ චාරයේදී නැකත් තරුවක් පසුකර යන කාලයයි.නැකත් තරු විසිහතකි(27).අස්විදයෙන් පටන්ගෙන රේවතියෙන් මෙය අවසන්වේ.එක නැකත් තරුවක් සඳු ඔරලෝසු පැය විසිතාරකදී (24) පසුකරයි. නැකතක කාලය එසේ උවද කිසියම් සුභ කටයුත්තක් සඳහා අප යොදා ගන්නේ විනාඩි කීපයක් පමණි.ඒ අනුව අපගේ සුභ කටයුතු සඳහා යෝධ ගන්න කාලය හැඳින්වීමට සුදුසුම වචනය ‘සුභ මුහුර්ත’ යන්න බව කලින් ම සඳහන් කරමු.
     මෙම සුභ මුහුර්තය සකස්කරගැනීම සංකීර්ණ ක්‍රියාවලියකි.දින නකත් තිථි හෝරා වශයෙන් විවිධ අවශ්‍යතා වලට එකඟ ව කලයුතු වේ.ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ආචාර්ය රොහාන් සිසිර කුමාර මහතා දක්වන පරිදි කරුණු 38ක් අනුව යායුතු වේ.
     ප්‍රධාන ජ්‍යෝතිෂ ධාරාවේ දි සුභ මුහුර්තයක් සකසගැනීම දුෂ්කර නිසාත් දෛනික විවිධ අවශ්‍යතා බහුල නිසාත් පුරාණ ආචාර්යවරු සුර්යාගේ ගමන සැලකිල්ලට ගෙන ඒ අනුව සුභ මුහුර්ත සකස් කරගැනීමට උපදෙස් දි ඇත.ඒවා ඉතා සරලය.මෙසේ එම මුහුර්ත දක්වමු.
1.උෂාකාලය 
    උදැසන හිරු උදාවීමට හරියටම පය දෙකකට පෙර මෙම කාලය උදාවේ.එය ඔරලෝසු පැය දෙකකි. උදාහරණ වශයෙන් උදේ 6ට හිරු උදාවන දිනයක එමකාලය අලුයම 4ට ආරම්භ වී උදේ 6ය දක්වාම පවතී.හිරු උදව ප්‍රමාද වී 6.20 ට පමණ සිදුවන දිනවල මෙම උෂාකාලය ඒ අනුව අලුයම 4.20ට ආරම්භ වී උදේ 6යදක්වා පවතී.
2.අභිජිත් මුහුර්තය   
    සාමාන්‍ය වසහයෙන් දවසක හිරු උදව සිට බැසයන තුරු දිවාකාලය පය 12කි.විනාඩි නම් 12x60=720 වේ.මෙමෙ විනාඩි 720 කාලය 15න් බෙදුවිට විනාඩි 48ක් වේ.මෙම විනාඩි 48 කොටස් වලින් හිරු උදවෙසිට ලබන 8වන කොටස අභිජිත් මුහුර්තය නම් වේ.උදේ 6ට හිරු පායන දිනකදී උදේ 11.36 සිට දහවල් 12.24 දක්වා පවතී.ප්‍රමාදව හෝ කලින් හිරු පායන විට ඒ අනුව මෙය සකස්කරගත යුතුය.
3.ගෝධුලි මුහුර්තය       
    උදැසන ගාලෙන් පිටවී තණ කෑමට යන ගවයා සැන්දෑවේ ආපසු ගාලට පැමිණීමේ කාලය මින් දැක්වේ.ගවයා ගමන් කරන විට කුර වලින් ධුවිලි නැගීම සිද්දිය අනුව නම්කර ඇත.දවසේ හිරු බැසයාමට පළමු විනාඩි 12ක කාලයත් හිරු බැසීමෙන් පසු උදාවන විනාඩි 12ක කාලයත් එකතුව විනාඩි 24ක් මේ මුහුර්තය පවතී.
වැදගත් 
    තම පදිංචි ස්ථානයේ සිට නැගෙනහිරට යන ගමන් වලට උෂා කාලයත්,බටහිරට යන ගමන් වලට ගොධුලි මුහුර්තයත්.දකුණට යනවිට අභිජිත්  මුහුර්ටයත් අසුභ බව ඉසිවර මතයයි.බදාදා දිනටද අභිජිත් මුහුර්යත් සුභ නැත.අනෙකුත් සියලු කටයුතු වලට මෙම සුභ මුහුර්තයන් ඉතා යහපත් බව දක්වමු.දිනපතා හිරු උදාව සහ බැසයම පංචාංග ලිතකින් දැනගත හැක. 



No comments:

Post a Comment