මා ගැන

    ජ්‍යොතිෂ සහ වස්තු විද්‍යා කටයුතු පිළිබඳව අධ්‍යයනය සහ පර්යේෂණ කටයුතු වල දැනට යෙදී සිටිමි.1965 තරම් හුනුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන විට එහි ශ්‍රේෂ්ඨ ආචර්ය වරයෙක් වූ අභාවප්‍රාප්ත ත.අමරදාස මහතාගෙන් මුලික දැනුම ලබාගතිමි.ඉන්පසුව කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ සිසුවකුව සිටින අවධියේ එකල නාලන්දයේ ප්‍රවීන ආචාර්යවරයෙකු හා කවියෙකු වූ පියසේන රතුවිතාන මහතාගෙන් ජ්‍යොතිෂ පිළිබඳව වරින්වර මූලික දැනුමක් ලැබිමි.ඒ අවධියේම බන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් සහ වජිරාරාමයේ නාරද හිමියන් වෙතින් ඉන්දියාවේ නාඩි ජ්‍යොතිෂ පිළිබද විස්තර ලබා ගතිමි.සිසු අවධියෙන් පසුව ජ්‍යොතිෂ විශාරදයකු වූ බණ්ඩාරවෙල කස්තුරිරත්න පඬිතුමාගෙන් පාඨමාලාවක් දාලෙමි.ඒ අතරම ජ්‍යොතිෂ විශාරදයින් වන හැටන් හි W.G රණසිංහ, R.H විලියම් මහත්වරුන් වෙතින් අදාළ උපදේශන ලබා ගතිමි.2009 වසරේදී මා සේවය කල කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන අදායම් පරීක්ෂක නතුරින් විශ්‍රාම ලැබීමි.ඉන්පසුව දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ හා උතුරු ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්යේදී චන්ද්‍රකලා නාඩි සහ ‌‍ගුනාඩි(bhrugunadi) පිළිබද ආශ්‍රිත අධ්‍යයනයක් කලෙමි.     



ඒ.විජයසූරිය (ජෝතිර් විද්‍යා සහ වස්තු විද්‍යා පර්යේෂක)   
  • කේන්ද්‍ර සැදීම හා බැලීම(දේශීය හා විදේශීය)

  • පොරොන්දම් බැලීම

  • සුභ මුහුර්ත සැදීම

  • ඔබේ ළදරුවා,ව්‍යාපාරයට,නිවසට ගලපෙන නමක් 

  • ඔබේ නිවාසය,කාර්යාලය,කර්මාන්ත ශාලාව පිළිබඳව වාස්තු විද්‍යාත්මක උපදේශනය

No comments:

Post a Comment